ඊළඟ සතිය ඇතුළත අභ්‍යවකාශයට යන ගගනගාමීන් කණ්ඩායම Blue Origin සමාගමෙන් නිවේදනය කරලා තියෙනවා. 

නාසා වගේ ආයතන අභ්‍යවකාශය යානා යවන එක මීට හුඟක් කාලයකට කලින් පටන් ගත්ත වැඩක්. මේ වෙද්දි Blue Origin සමාගම ඒ අභ්‍යවකාශ ගමන් වල අලුත් trend එකක් හදන්න try කරනවා. ඇත්තටම ජෙෆ් බෙසෝස් පටන් ගත්ත Blue Origin සමාගම වෙනස් වැඩක් තමයි කරන්න යන්නෙ. මේ වෙනස ඇතිවෙන්නෙ "Time" එකත් එක්ක.

උදාහරණයක් විදියට, නාසා ගගනගාමියෙකුට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යන්න පැය හතරේ සිට දින තුන දක්වා කාලයක් ගත වෙනවා , ඒත් බ්ලූ ඔරිජින් සමාගමේ නිව් ෂෙපර්ඩ් රොකට් පද්ධතිය අපිව අභ්‍යවකාශයට ගෙනියන්න ගන්නේ හරිම පොඩි කාලයක් .ඒ කියන්නේ මුළු ගමනම මිනිත්තු 11 කින් යන්න පුලුවන්.

විශේෂම දේ තමයි මේ අභ්‍යවකාශ ගමනට අදාල team එකේ ඉන්නේ කාන්තාවන් විතරක් වීම. Team එකේ 6 දෙනෙක් ඉන්නවා.

1. Katy Perry

2. Jeff Bezos' fiancée & award-winning journalist Lauren Sánchez

3. Fellow journalist and CBS Mornings co-host Gayle King

4. Film producer, Kerianne Flynn

5. Harvard graduate and bioastronautics research scientist, Amanda Nguyen (First Vietnamese woman to travel to space.)

6. NASA rocket scientist, Aisha Bowe.

මේක මේ විදියට මේ අවුරුද්ද ඇතුලත සිද්ද වෙන්න තියෙන නියම වැඩක්. හැබැයි මට හිතෙන්නෙම ඊට කලින් කෙනෙක් මේකට අත තියයි කියලා.

පහුගිය සතිය වෙනකොට දහතුන් වැනි වතාවටත් පියකු වුණු, ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැඩි ලෙස ආදරය කරන, අඟහරු මත මියයාමට අවශ්‍ය යැයි කියන ,ලොව ධනවත්ම මිනිසා වන, Twitter , Space X , Tesla හිමි Mega Technological ධනවතා Elone Musk මේක ගැන අවදානෙන් ඉන්නේ හරිද.